(ක.ග.කරුණාරත්න)
විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටිබව කියන පුද්ගලයෙකු පොලොන්නරුව,කදුරුවෙල,මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ නිවෙසකදී අද (12) අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ පිහිටි පරසන්ගස්වැව පොලිස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්‍ධයෙන් තොරතුරු ලැබී අත් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළහ.
මෙම සැකකරු විසින් විදේශ රටවල රැකියා ලබා දෙන බවට මුදල් ලබාගෙන වංචා කිරීම් සම්බන්‍ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන රැසකට මේ වනවිට පැමිණිලි ලැබී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශණවලදී අනාවරණයවී ඇත. විදේශ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්‍ෂය,එකහමාර,ලක්ෂ දෙක, ලක්ෂ තුන,ලක්ෂ පහ ආදී වශයෙන් සැකකරු විසින් මුදල් ලබාගෙන තිබෙන බවද වැඩිදුරටත් හෙළවී තිබේ.
පොලොන්නරුව පොලීසිය මේ සම්බන්‍ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට