IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පොල්අතු මඩුවල සිටි හිඹුටුගොල්ලෑව දරුවන්ට නව ගොඩනැගිල්ලක්

(උපුල් තම්මිට)
 
ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් 08 වැනිදින “උතුරුමැද පාසැලක දරුවෝ පොල්අතු මඩුවල උගනිති ” යන ප්‍රවෘත්තිය පළවීමත් සමඟ සිසුන්ට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ඩුබායි රාජ්‍යයේ සේවය කරන රුචිර කුලතිලක මහතා ඉදිරිපත් වී තිබේ.

 
ඒ මහතා ශ්‍රී ලංකාවේ වාසය කරන ඔහුගේ හිතවතකු වන මහේෂ් පෙරේරා මහතාට මේ බව දැනුම් දී ඇති අතර ඔහු පසුගිය ඔක්තෝබර් (21) දා ගලෙන්බිදුනුවැව හිඹුටුගොල්ලෑව විදුහලට පැමිණ එහි විදුහල්පතිනිය වන සන්ධ්‍යා කුමාරසිංහ මහත්මිය හමුවී නව ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
 
එම තොරතුරු ඩුබායි රාජ්‍යයේ සේවය කරන රුචිර කුලතුංග මහතාට දැනුම්දීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් (30) දා මහේෂ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නව ගොඩනැගිල්ලට මුල්ගල තැබිණ.
 
නව ගොඩනැගිල්ල පංති කාමර හතරකින් සහ එම විදුහලට අඩුපාඩුවක්ව පැවති වේදිකාවකින්ද සමන්විතය.
 
රුචිර කුලතුංග මහතා අද (15) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි හිඹුටුගොල්ලෑව විදුහලේ ඉදිවන නව ගොඩනැගිල්ල නිරීක්ෂනය කිරීමට පැමිණි අතර එහිදී ඒ මහතා පවසා සිටියේ ලංකාදීප එසැණ වෙබ් අඩවිය මගින් නිරන්තරවම ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත්වන බවත් මෙම පුවත දැකීමත් සමඟ තමන් ඇතුලු හිතමිතුරන් බලවත් කම්පාවට පත්වූ බවත් පැවසීය.
 
හිඹුටුගොල්ලෑව විදුහලට ගොඩනැගිල්ලක් ඉදිකර දීම සඳහා ඩුබායි හි සේවය කරන  තම හිතමිතුරන් මේ සඳහා දායකත්වය ලබා දීමට කැමැත්ත පළකළ බව ඒ මහතා සඳහන් කළේය.
 
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ විසිපහක් ඇස්තමේන්තු කර ඇති බවත් ලබන ජනවාරී මාසයේදී නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
 
රුචිර කුලතිලක මහතා හිඹුටුගොල්ලෑව විදුහලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ට පාවහන් ඇතුලු ත්‍යාග රැසක්ද අද පිරිනැමීමට කටයුතු කළේය.

 

 



අදහස් (0)

පොල්අතු මඩුවල සිටි හිඹුටුගොල්ලෑව දරුවන්ට නව ගොඩනැගිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14428 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site