(ප්‍රසන්න පත්මසිරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බදුල්ල මහ නගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (16) පරාජයට පත්විය.
මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද 2020 අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පැවති ඡන්දයේදී විපක්ෂව ඡන්ද 13 ක් හා පක්ෂව ඡන්ද 12ක් ප්‍රකාශ කළහ.
ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දසදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.
බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් 25 දෙනෙකු නියෝජනය කරන අතර අයවැයට සියලුම දෙනා පැමිණ සිටියහ.
ජන්ද විමසිමෙන් අනතුරුව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියා සිටියේ පසු දිනක තවත් වරක් ඡන්දයක් පවත්වන බවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාදයි