(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල් එච්. තන්ත්‍රිආරච්චි)
දාහත් වසරක් සිර දඬුවම් විඳ බන්ධනාගාරයෙන් පැමිණි, කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයකු ගිනි අවියක් සමඟ පයාගල මැහිමුල්ල ප්‍රදේශයේදී අද(16) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු 37 හැවිරිදි අයෙකු වන අතර වාද්දුව පදිංචිකරුවෙකි.
සැකකරු සතුව තිබූ ගිනි අවිය විදේශීය රටක නිපදවන ලද්දක් බවද, තුනයි දශම අට වර්ගයේ ගිනි අවියක් බවද පොලිසිය කියයි.
ඔහු සතුව ගිනි අවියක් ඇතැයි කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව දින ගණනාවක් සැකකරුගේ ගමන් බිමන් පිළිබඳ සෝදිසියෙන් සිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ සිය මවගේ නිවසට පැමිණ යළි මැහිමුල්ල හන්දියට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එම ගිනි අවිය ඉණෙහි සඟවා ගෙන සිටි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය පිළිබඳව මෙන්ම නැවත මෙවැනි ගිනි අවි ඔහු සන්තකයේ තිබේද යන්න ප්‍රශ්න කර සොයාබලන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ගිනි අවිය ඉණෙහි සඟවාගෙන පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ රැඳී සිටියේ එය කිසියම් අයකුට ලබාදීමට යැයි පොලිසිය සැකකරයි.
සැකකරු කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට