IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


වෙළඳසැල් 9කට නඩු

(ජේ.කේ.එල් චාමින්ද)
 
සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පරිහරණ පරිශ්‍ර පවත්වාගෙන ගිය  වෙළඳසැල් හිමියන්  9දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
මෙසේ නඩු පවරනු ලැබුවේ යක්කලමුල්ල නගරය, තල්ගම්පල, නාකියදෙණිය, මාගෙදර යන ප්‍රදේශවල හෝටල්, පලතුරු වෙළඳසැල් හා සිල්ලර කඩ පවත්වාගෙන ගිය 9 දෙනෙකුටය.
 
යක්කලමුල්ල හා බද්දේගම යන සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්  කරන ලද පරීක්ෂාවකදි අහාර පරිහරණ පරිශ්‍ර නියෝග උල්ලංඝනය කරමින්  වෙළඳසැල් පවත්වාගෙන ගිය  හිමියන්ට නඩු පැවරීමට කටයුතු කර ඇත.
 
යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එච්. ඊ එස් සංජිත පටබැඳි,  මහතාගේ උපදෙස් මත  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන  එච්. ජී. පී. සමරවිර,  කේ. පී. නවරත්න, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඩබ්. එම්. ජයසිංහ, ආර්. ඩබ්. බණ්ඩාර, ඕ. වයි. එස්. ආර්. ජයවීර, ඕ.කේ. ටී. ආර්. ජානක,  පී. කේ. ගොඩගේ, ඩබ්. පී. සුනිල්, ජේ. ඉරේෂ් කුමාර, නිල රණසිංහ, යන  නිලධාරීහු  මෙම වැටලීමට එක්වූහ.



අදහස් (0)

වෙළඳසැල් 9කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site