IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් දස කෝටි විසි පන් ලක්ෂ හැත්තෑ හත් දහස් හයසියයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කඩවත කිරිල්ලවල පරාක්‍රම මාවතේ නිවසක රහසිගත ලෙස ගබඩා කර තිබියදී අද (13) සොයාගත් බව පොලිසිය පැවසීය.

දුම්වැටි දහනව ලක්ෂ තිස් නව දහස් දෙසීයක් එම නිවසේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

එම නිවසේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

කඩවත දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 හා 43 අතර පසුවන්නන් බවත් ඔවුන් කුලි පදනම මත මෙම නිවස මීට මාසයකට පෙර ලබා ගෙන තිබූ   බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.

වර්ග දෙකකින් යුත් මෙම දුම්වැටි තොගය තීරුබදු රහිතව මෙරටට ආනයනය කර ඇති බවට සැකකරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14429 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site