IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි සැර වැදී පුද්ගලයකු ජීවිතක්ෂයට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ විදුලි රැහැන් අදින පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකු අනාරක්ෂිත විදුලි රැහැනක පටලැවී විදුලි සැර වැදී මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වූ චාමර නුවන් බණ්ඩාර නැමැති අයෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව ඊයේ (13) පස්වරුවේ මියගිය චාමර නුවන් බණ්ඩාර මහතාගේ දේහය ඔහුගේ පියාගේ නිවසට නිවසට ගෙනවිත් තිබිණි .

මියගිය චාමර නුවන් බණ්ඩාර විදුලි කාර්මික  සේවය කරන අයෙකි . ඔහුට අවුරුදු 2ක දියණියක් සිටින අතර බිරිඳ දෙවැනි දරුවා ලැබීම සඳහා සූදානමින් සිටින බව ඥාතීහු කියති.

හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ මේ දිනවල අලුතින් දිකරමින් පවතින විදුලි රැහැන් ඇදීම සඳහා කණු සවිකිරීමේ කොන්ත්‍රාත්කරුවෙකු ලඟ මොහු සේවය කළ බව කියයි.

ඉතා අනාරක්ෂිත ලෙස වැඩබිමක වෙනත් නිවසකින් විදුලි රැහැන් ඇද යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කරමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබෙන බවත් ඉතා අනාරක්ෂිත ලෙස සේවකයන්ගෙන් වැඩ ගැනීම නිසා මෙම මරණය සිදු වූ බව පවුලේ ඥාතීහු චෝදනා කරති.

මියගිය චාමර නුවන් බණ්ඩාර මහතා ගේ  පියාවූ ටී .එම්. ජයරත්න මහතා කියා සිටියේ තම දරුවා විදුලි කාර්මික වැඩ සිදුකරන බවත් අනාරක්ෂිතව මෙවැනි වැඩවලට ඔහු නොඑන බවත්ය. කෙසේවෙතත් තම දරුවාගේ අසරණ වූ දරු පවුල පිළිබඳව අවධානය යොමු කරන්නැයි හෙතෙම ඉල්ලීමක් කළේය.

මියගිය චාමර, ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වුවද ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කළ අයෙකු බව ඔහුගේ ගම් ගම්වාසීහු කියති.
 
රටේ විදුලි බල අවශ්‍යතාවය සඳහා සිදුකෙරෙන සංවර්ධන කටයුත්තක කොන්ත්‍රාත්කරුවන්ගේ අනාරක්ෂිත ක්‍රියාවලිය නිසා චාමර  මිය ගිය බව ඔහුගේ මිතුරෝද චෝදනා කරති. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

විදුලි සැර වැදී පුද්ගලයකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14429 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site