(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි 10 ක රන් බිස්කට් 99 ක් විදුලි පංකාවක බහා කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී ගුවන් තොටුපළ සේවකයාට රුපියල් ලක්ෂ 98ක දඩයක් ගෙවන ලෙස නියෝග කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (13) සිදුකළ රේගු පරීක්ෂණයකින් පසු මෙලෙස දඩ නියම කර තිබේ.
තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සේවකයා 36 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහු සේවය කළ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි, තීරු බදු රහිත විදුලි උපකරණ අලෙවි සැළද සීල් තබා වසා දැමීමට නියෝග කර ඇත.
මෙම වෙළඳ සේවකයා විසින් රන් බිස්කට් තොගය විදුලි පංකාවක් බහාලන පෙට්ටියක සඟවා තම සාප්පුව වෙත විදුලි උපකරණ මිලදී ගැනීමට පැමිණි ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙමින් සිටි ගුවන් මගියකු වෙත බාරදී තිබේ.
ඔහු 46 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පශ්චාත් උපාධිධාරී සිවිල් ඉංජිනේරුවරයෙකි. ඔහු තම 75 හැවිරිදි මෑණියන් සමඟ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
ඔහු අවවාද කර නිදහස් කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පියවර ගනු ලැබිණි.
එසේම රුපියල් කෝටි 10 ක් වටිනා රන් බිස්කට් 99 ද රාජසන්තක කිරීමට ද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd