(මොහොමඩ් ආසික්)
ජනවාරි 15 වැනිදා සිට මාතලේ සිට කොළඹ දක්වා දුම්රිය සේවයක් ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා කීය.
අද (13) සවස මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මේ බව කීය.
එහදී ආණ්ඩුකාරවරයා මෙසේද කීය.
‘‘පසුගිය දිනෙක මම මාතලේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ගිය අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු වුණා. මාතලේ ඉන්න ජනතාවට උදේ බස් එකේ නැඟල මහනුවරට ඇවිත් තමයි දුම්රියට නගින්න වෙලා තියෙන්නේ.
මේ ගැන මම සී.බී. රත්නායක ඇමතිවරයා එක්ක කතා කළා. ඇමතිවරයා කිව්වා ලබන ජනවාරි මාසයේ 15 වැනිදා ඉඳලා මාතලේ ඉඳලා කොළඹට දුම්රියක් ලබා දෙනවා කියලා.
ඒ අනුව ලබන ජනවාරි 15 වැනිදා ඉඳලා මාතලේ ඉඳලා නුවර දක්වා මාර්ග තදබදය යම් ප්‍රමාණයකින් අඩු වනෙවා වගේම ජනතාවටත් පහසුවක් ඇති වෙයි‘‘ යැයිද මෙහිදී ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මාතලේ සිට කොළඹ දක්වා දුම්රිය සේවයක්