(රොමේෂ් මධුෂංඛ)
                 
යාපනය පුන්ගන් කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා වැවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
 
පුන්ගන්කුලම්හි වන්නාම් නැමති කුඩා වැවේ මළ සිරුර පාවෙනු දැක ප්‍රදේශවාසීන් විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත. පොලීසය එම ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන තිබේ.
 
මිය ගිය පුද්ගලයා අවුරුදු 60 ක පමණ වියපත් පුද්ගලයෙකු වන අතර ඔහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
මළ සිරුර මරණ පරීක්ෂණය වෙනුවෙන් යාපනය රෝහලට රැගෙන ගිය බව යාපනය පොලීසිය වැඩිදුරටත් කියයි.