ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ඉකුත් දා මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී චීන නායකයන්ගේ ශුභාශිංසන පිරිනමා ඇත. 

සිය ධුර කාලය තුළදී චීන-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කිරීමටත් ක්‍රියාකාරී ලෙස දෙරටේ සබඳතා සංවර්ධනය කිරීමටත් හිටපු ජනාධිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග වෙනුවෙන් චීන තානාපතිවරයා එහිදි කෘතඥතාව පළ කර තිබේ. 


055