(විජේරත්න රත්නායක)
අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ අලෙවි කිරීමේදී වංචනික ලෙස කටයුතු කළ බවට වරදකරුවන් වූ පුද්ගලයන් පස් දෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරණාදාස මහතා රුපියල් 29,000 ක දඩ මුදලක් අද (09) නියම කළේය.
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමේදී වගකීම් කාලයක් ලබා නොදීම, භාණ්ඩවල ආනයනකරු මෙරට තුළ බෙදාහරින්නන් නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය ඇතුළු තොරතුරු ඇතුළත් නොවූ ආලේපන වර්ග ඇතුළු නිෂ්පාදන අලෙවිය, ඇණවුම් කළ භාණ්ඩ වෙනුවට තත්වයෙන් බාල වෙනත් භාණ්ඩ ලබාදෙමින් පාරිභෝගිකයින් නොමඟ යැවීම වැනි චෝදනා මත සැකකරුවන්ට නඩු පවරා තිබිණි.
එහිදී වරදකරුවන් වූ කොළඹ පිළියන්දල හා රාජගිරිය යන ප්‍රදේශයන්හි ව්‍යාපාරික ආයතන දෙකකට එක් ආයතනයකට රුපියල් 10,000 බැගින්ද කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 5000 ක්ද කොට්ටාව ප්‍රදේශයේ අයෙකුට හා කහවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එක් අයෙකුට රුපියල් 2000 බැගින්ද මෙසේ දඩ නියම විය.
ලංකා ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාල වෙළඳාමේදී සිදුවන වංචනික කටයුතු සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලද තොරතුරු හා අන්තර්ජාල සටහන් ආශ්‍රයෙන් සිදුකරන ලද උපක්‍රමශීලී මෙහෙයුමක් තුළින් මෙම වරදකරුවන් නීතියේ රැහැනට හසුකරගත් බව පැවසේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, එම්.මුත්තුසිවනු, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, එන්.එම්.රිෆ්කි යන නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වංචනිකව අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ 5 කට දඩ