(සමන් පාලිත නානායක්කාර)
පැය හයක වර්ජනයකින් පසුව බණ්ඩාරවෙල ඩිපෝවේ සේවකයින් නැවත සේවයට පැමිණ බස්රථ ධාවනය ආරම්භ කළ බවද , ඒ අනුව වර්ජනය අවසන් කළ බවද බණ්ඩාරවෙල ඩිපෝව කියයි.
බණ්ඩාරවෙල ඩිපෝවේ කොන්දොස්තරවරයකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් අද (9)උදෑසන 7.30 පමණ සිට බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඩිපෝවේ සේවකයෝ පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd