(ඔගස්ටින් ප්‍රනාන්දු)
තරුණියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු දෙසැම්බර් 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අංක අධිකරණයේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (10) නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරණු ලැබුයේ මාම්පුරි දළුව ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසුරිය කසුන් නිරෝෂන ප්‍රනාන්දු ( 31 ) නමැති දෙදරු පියෙකි.
සැකකරු ඔහුගේ නිවස අසළ පදිංචි 17 හැවිරිදි තරුණියකව ඇගේ නිවසට බලෙන් ඇදගෙන ගොස් බලහත්කාරයෙන් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියෙන් පසු සැකකරු දින පහක පමණ කාලයක් පොලිසියෙන් සැඟවී සිටි අතර ඊයේ (9) ඔහු මාම්පුරි දළුව ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.
නොරෝච්චෝලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තරුණියක අපයෝජනය කළැයි පොහොට්ටු මන්ත්‍රීගේ පුතා රිමාන්ඩ්
දිමුත් Tuesday, 10 December 2019 11:15 AM
නියම පොහොට්ටු ගතිය පෙන්නලා.
Ruhunu Wednesday, 11 December 2019 11:59 AM
මේවා පොහොට්ටු ගති නෙවෙයි අමනුස්ස ගති