මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු අද(09) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
වෙරළ තීරයේ තිබු සැක කටයුතු යාත්‍රාවක් පරික්‍ෂා කිරීමේදී, එහි තිබී මුහුදු කූඩැල්ලන් 409 ක් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 34, 36, 42 සහ 45 ක් වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවෝ වෙති.
ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 2 ක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් නාවික හමුදා බාරයට ගෙන ඇත.
එම සැකකරුවන්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දී තිබේ.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd