මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු අද(09) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
වෙරළ තීරයේ තිබු සැක කටයුතු යාත්‍රාවක් පරික්‍ෂා කිරීමේදී, එහි තිබී මුහුදු කූඩැල්ලන් 409 ක් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 34, 36, 42 සහ 45 ක් වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවෝ වෙති.
ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 2 ක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් නාවික හමුදා බාරයට ගෙන ඇත.
එම සැකකරුවන්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දී තිබේ.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 4ක් අල්ලයි