(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාත් සභාවට අයත්, කාර්මික සංවර්ධන අධිකාරිය ඇතුළු අධිකාරි හතරක සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අතින් අද (10) ගාල්ල ඩික්සන් පාරේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු විය.
මෙහි දීදකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස නිලංග හෙන්දාවිතාරණ, දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති ලෙසචරිත් අසේල මනෝරත්න, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස එල්. ජී. චන්දිම සහ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ලෙස ක්‍රිෂාලී මුතුකුමාරණ යන මහත්වරු පත්වීම් ලැබූහ.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්ඒ යූ වේලාරත්න , දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd