(ප්‍රදීප් කුමාර)
වව්නියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වවුනියාව නගරය ආසන්නයේ පිහිටි වවුනියාව මහ වැව පිටාර ගැලීමට පටන් ගෙන තිබේ.
වැව පිටාර ගැලීම හේතුවෙන් වවුනියාව පුන්තෝට්ටම් මාර්ගය ජලයෙන් යටවී ඇති අතර වැවේ එක්වානකින් පමණක් ජලය පිටවන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට මේ වන විය බාධා එල්ල වී ඇත.
වර්ෂාව තවදුරටත් පැවතියහොත් වැවේ ජල මට්ටම ඉහළ ගොස් අනෙක් වානෙන්ද ජලය පිටවිය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd