(අනීශා මානගේ)
තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවයේ යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ගංජා කිලෝග්‍රෑම් 6ක් සහ ග්‍රෑම් 200ක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවයේ යොදවා සිටි බව කියන බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියකි.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුගේ නිවෙසෙහි කාමරයක් තුළ මෙම ගංජා අතුරා තිබී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණ මර්දන අංශයට අනුයුක්ත වෙලත් මෙහෙම නම් වෙන කුමන කතාද?