(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ සර්වුඩ් ප්‍රදේශයේ දී බස් රථයකට පහර දුන් බව කියන පුද්ගලයින් හත් දෙනෙකු අද (09) සවස අත්අඩංගුවට ගත්බව හපුතලේ පොලිසිය කීය.
ලිප්ටන් අසපුව නැරඹීමට තිස්සමහාරාම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයින් පිරිසක් මෙසේ බස් රථයට පහරදී ඇති බව පොලිසිය පැවසීය.
ලිප්ටන් අසපුව නරඹා හපුතලේ දක්වා එන මාර්ගයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයකට ඉඩ දීමට ගොස් ඇති වූ බහින් බස් වීමක් නිසා බස් රථයට පහරදී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වූ බව හපුතලේ පොලිසිය කීය.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd