(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මසුන් මැරීම සඳහා යොදා ගන්නා තුවක්කු හතරක් නීති විරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10 ක ඇපයක් මත මුදා හැරීමට කොළඹ අංක 5 ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ඩි.ආර්. නෙළුම්දෙනිය මහතා අද (05) සවස නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරුණේ කොළඹ ප්‍රධාන පෙලේ කිමිදුම් උපකරණ අළෙවි කරනු ලබන ව්‍යාපාරිකයකි.
අදාල සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළද ව්‍යාපාරික ස්ථානයේ පරීක්ෂණ අවසන් වන තුරු මුද්‍රා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ 2007 ස්පියර් තුවක්කු තහනම් කිරීමේ නියෝග මාලාව උල්ලංඝනය කරමින් සැකකරු විසින් ස්පියර් තුවක්කු කිමිදුම් උපකරණ අළෙවි කිරීමේ මුවාවෙන් මෙම තුවක්කුද අළෙවි කිරීමට කටයුතු කර ඇති බව ධීවර විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරක් මත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශන ඒකකය අද එම ස්ථානය වටලා කල සෝදිසි මෙහෙයුමකදී අදාල ස්පියර් ගිනි අවි කිමිදුම් උපකරණ සමඟ අළෙවියට තබා තිබියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මසුන් මැරීමට යොදා ගන්නා තුවක්කු 4 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට