(ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 78ක පුද්ගලයින් 264දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
නිවාස 5කට හානි සිදුව තිබෙන අතර හිඟුරක්ගොඩ පිංපාර ප‍්‍රදේශයේ නිවෙසක කොටසක් කඩාවැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබේ.
දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරට කොටුවී සිටි පවුල් 5ක් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙනඒමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
පොළොන්නරුව- මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප‍්‍රදේශය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇතැත් එය රථවාහන ගමනාගමනයට බාධාවක් නොවනබව පොලීසිය සඳහන් කළේය.
මින්නේරි ඔය සහ මළඔය මේ වනවිට පිටාර ගලමින් පවතී. ඒ හේතුවෙන් පටුනුගම, මුණිසිරිගම, හිඟුරක්දමන, 6 කණුව යන ප‍්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. ගල්අමුණ 6 කණුව මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවී තිබේ.
කුඹුක්කන්ආරුව සහ තලපත් ආරු පිටාර ගැලීම හේතුවෙන් ලක්‍ෂ උයන, ආර් බී 5 ඇළ, වැවේතැන්න, තඹාල, සුංගාවිල යනප‍්‍රදේශවල කුඹුරුඅක්කර 1500කට අධික ප‍්‍රමාණයක් යටවී තිබේ.
වර්ෂාව අඛණ්ඩව පවතින බැවින් දිස්ත‍්‍රික්යේ මහ වැව්වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.




2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොළොන්නරුවේ 264ක් පීඩාවට