(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් 22 කට අයත් පුද්ගලයින් 98 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථායේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රජවැල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් පවුල් 18 කට අයත් පුද්ගලයින් 70 ක් ද,දොළුව පුපුරැස්ස ග්‍රාම නිලධාරි වසමේ නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් තුනකට අයත් 23 දෙනෙකුද, මිනිපේ හසලක ග්‍රාම නිලධාරී වසමේ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් එක් පවුලක පස් දෙනෙකුද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.
මෙසේ ඉවත් කළ පිරිස් අතරින් ආරක්ෂිත ස්ථාන තුනක පවුල් හතරට අයත් පුද්ගලයින් 23 දෙනෙකු රඳවා සිටින බවත් තවත් පවුල් 19 කට අයත් පුද්ගලයින් 75 දෙනෙකු ඥාති නිවෙස්වල පදිංචි වී සිටින බවයි.
මෙසේ අවතැන්ව ඇති සියලු දෙනාට අවශ්‍ය පහසුකම් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහායෙන් ලබා දීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහනුවර අවතැන් 98දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට