බදුල්ලේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් 2018 වසරට සාපේක්ෂව මේ වසරේදී බදුල්ලේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 03 December 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 9 දෙනෙක් අත්අඩංගුවට නීති විරෝධී අයුරින් කල්පිටි මුහුදේ මසුන් ඇල්ලූ පුද්ගලයින් නව දෙනෙකු සහ ධීවර යාත්‍රා තුනක් අද (03) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරියෙකු පැවසීය. 03 December 2019
වැස්සෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 5880 ක් පීඩාවට අධික වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පවුල් 1880 ක පුද්ගලයින් 5880 ක් පීඩාවට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. 03 December 2019
රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් සුද්ද පවිත්‍ර කළ අයෙක් අත්අඩංගුවට කාසල්රි ජලාශයට යාබදව නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරමින් සිටි බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරුවෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන ඇත. 03 December 2019
විශ්වීය භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවීමට යයි විදේශයන්හි වැඩසිටින ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පිහිටුවා ඇති සංවිධානයක් වන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවන්නේ යැයි එහි සභාපති මහලේකම් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ. 03 December 2019
ඩල්ජිත් අලුවිහාරේගේ සහය ගෝඨාභයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තම සහය ලබා දෙන බව මාතලේ මහ නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය. 03 December 2019
හැරී පෝටර්ගේ තොප්පිය නිර්මාණය කළ කණ්ඩායම උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි ජාත්‍යන්තර රොබෝටික්ස් තරඟාවලියේ දී ලොව අනෙකුත් නව නිර්මාණ පරාජය කරමින් පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම අද (3) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගොස් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය. 03 December 2019
දරුවාට නොසැලකූ මවට අත්හිටවූ සිර දඬුවම් තම දියණියට වියදමට මුදල් ලබා නොදී නොසලකා හැර කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්. පී. එස්. නිස්සංක මහතා බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවම් ලබාදී එය වසර දහයකට අත්හිටුවීමට අද(03) නියෝග කළේය. 03 December 2019
නීතිවිරෝධීව කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලයි මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි කඩකරමින්, කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලා ලක්ෂ 20ක් පමණ වටිනා පොකිරිස්සන් රැසක් සමඟ සැකකරුවකු අද(03) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශ අංශය කියයි. 03 December 2019
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය අද (03) පැවති විශේෂ ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය. 03 December 2019
ජාත්‍යන්තර ආබාධිත දිනය ඌව පළාතේදී සැමරේ ජාත්‍යන්තර ආබාධිත දිනයට සමාගාමීව ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන දිරිය ප්‍රතිභා උළෙල බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේදි අද(03) පැවැත්වේ. 03 December 2019
ගංජා සමඟ තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට යාපනය නගරය තුළ යතුරු පැදියකින් ඉතා සූක්ෂමව කේරළ ගංජා ජාවාරමේ නිරත වූ තරුණයෙකු කේරළ ගංජා කිලෝ 04.ග්‍රෑම් 210 ක් සමග නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත් අඩංගුවට ගෙන ඇත. 03 December 2019
මැදගම ඔය ඉවුරක අත්බෝම්බයක් මැදගම අලුත්වෙල දහමල් ඔය ඉවුරේ තිබී අත් බෝම්බයක් අද(03) සොයාගත් බව පොලීසිය කියයි. 03 December 2019
සැඩ පහරට හසුව ගසාගෙන ගිය අයෙක්ගේ මළ සිරුරක් හමුවෙයි මැදගම දඹගල්ල මාර්ගයේ මන්දප්පම් ඔයේ සැර පහරකට හසුව ගසාගෙන ගිය අයකුගේ මළ සිරුරක් අද (03) උදේ සොයාගත් බව පොලීසිය කියයි. 03 December 2019
බදුල්ලේ සා.පෙළ සිසුන්ට විශේෂ ප්‍රවාහන සේවාවක් මහ වැස්සෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අද(03) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ.එම්. එල් උදය කුමාර මහතා පැවසීය. 03 December 2019
අලි පන්නන්න ගිය වනජීවි නිලධාරීන්ට අයෙක් පහරදීලා ගම් වැදුණු වන අලි පලවා හැරීමේ නිරතව සිටි වන ජීවි නිලධාරීන් පිරිසකට පුද්ගලයකු අද(3)දින අලුයම පහර දී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 03 December 2019
ඌවේ ආයුර්වේද වෛද්‍යවරු-හෙදියෝ වැඩ වරති ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඌව පළාතේ ආයුර්වේද වෙද්‍යවරුන් , හෙද හෙදියන් ඇතුලූ සියලූ සේවකයින් අද (3) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 03 December 2019
බුදුරුව යාය වැසියෝ අලි කරදරයට විසඳුම් ඉල්ලා පාරට බසිති තම ගම්මානවලට දිගින් දිගටම සිදුවන වන අලින්ගේ හිරිහැර වළක්වාලීමට නොපමාව පියවර ගන්නා ලෙස බල කරමින් බකමූණ, බුදුරුවයාය සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව අද (03) පෙරවරුවේ බකමූණ, බුදුරුවයාය ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවූහ. 03 December 2019
ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට හම්බන්තොට පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි ඒකකයේ නිළධාරීන් විසින් අද (03) අලුයම හම්බන්තොට සිරිබෝ පුර ප්‍රදේශයේ සිදුකළ හදිසි මාර්ග පරීක්ෂාවකදී ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 03 December 2019
නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(03) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 03 December 2019
මාතලේ නගර සභා සේවකයෝ උද්ඝෝෂණයක මාතලේ මහ නගර සභා සේවකයෝ අද (03) මාතලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ. 03 December 2019
වහලට නැගි ධීවරයෙක් උපවාසයක පයාගල කුඩාවැල්ලේ ධීවර සංස්ථාවට අයත් දෙමහල් ගොඩනැගිල්ලක වහලට මතට නැග ධීවරයකු අද(03) උපවාසයක් ආරම්භ කර ඇතැයි පයාගල පොලිසිය කියයි. 03 December 2019
අකුණු අනතුරුවලින් බදුල්ලේ නිවාස 3ට හානි වර්ෂාවත් සමඟ සිදුවූ අකුණු අනතුරුවලින් බදුල්ල රිදීමාලියද්ද සහ කන්දකැටිය ප්‍රදේශයේ නිවාස තුනකට අලාභ හානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය. 03 December 2019
යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටී 3 ක් රෝහලේ නොරෝච්චෝල කරඹ ප්‍රදේශයේ දී අද (02) සිදුවූ යතුරු පැදි අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 02 December 2019
ආබාධිත හමුදා සෙබලෙකු ඝාතනය කළ 3 ක් අත් අඩංගුවට කතරගම දෙටුගම දී ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලෙකුට මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (02) සවස අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 December 2019
බෝර 12 ගිනි අවියක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට බෝර 12 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකදී අද (02) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 December 2019
බදුල්ලේ 993ක් අවතැන් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 298 ක පුද්ගලයින් 993 ක් අවතැන්ව සිටින බවත් පවුල් 100ක් කඳවුරු තුනක රඳවා සිටින බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය. 02 December 2019
මහ වැස්සෙන් මහනුවර 34 ක් පීඩාවට වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 9කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 02 December 2019
ත්‍රිරෝද රියෙන් ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු නුගේගොඩ දෙල්කද හන්දියේ දී අද (2) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දිසා දුෂණ මර්දන අංශය කියයි. 02 December 2019
තුනුක්කායිහි කැලෑවකින් බීඩි කොළ කිලෝ 297ක් සොයාගනී මුලතිව් දිස්ත්‍රික්කයේ, තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයට ඔබ්බෙන් වූ කැලෑ පෙදෙසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 297.7ක් අද(02) සොයාගත් බව නාවික හමුදාව පවසයි. 02 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025