(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට යාබදව නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරමින් සිටි බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරුවෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට සම්බන්ධ යැයි කියා ගන්නා අයෙකු විසින් එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන දින කිහිපයක සිට ඉඩම සුද්ද පවිත්‍ර කිරීම සඳහා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් පවුල් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට ඉඩම් ලබා දීම සඳහා වෙන් කර තිබූ ඉඩමේ සැකකරු විසින් අක්කරයක පමණ කොටසක් සුද්ද පවිත්‍ර කර ඇති බව වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසීය.
සැකකරු විසින් රජයේ සතු ඉඩම බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරන බවට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට අද (03) ලද තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු සහ බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගෙන නොර්වුඩ් පොලිසියට භාර දී ඇත.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් සුද්ද පවිත්‍ර කළ අයෙක් අත්අඩංගුවට