(ක.ග.කරුණාරත්න)
තම ගම්මානවලට දිගින් දිගටම සිදුවන වන අලින්ගේ හිරිහැර වළක්වාලීමට නොපමාව පියවර ගන්නා ලෙස බල කරමින් බකමූණ,බුදුරුවයාය සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව අද (03) පෙරවරුවේ බකමූණ, බුදුරුවයාය ප‍්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
විරෝධතාකරුවන් බකමූණ හෙට්ටිපොළ ප‍්‍රධාන මාර්ගයට පැමිණ ඒ මාර්ගයද අවහිර වනසේ උද්ඝෝෂණයේ නිරතව සිටීම නිසා එහි රථවාහන ගමනා ගමනයටද බාධා එල්ලවී තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
මේ වනවිට වන අලි පහරදීම් හේතුවෙන් මිනිස් ජීවිත රැසක් විනාශවී ඇතැයිද දිනපතාම පාහේ අලි ගම්වැදී ගෙවල් දොරවල් කඩා දමා ගෙවතුවල වගාවන් විනාශ කරමින් සිටින බව විරෝධතාවට එක්ව සිටින ගම්වාසීහු ප‍්‍රකාශ කළහ.
දැනට දින කීපයෙකට පෙර මිනිස් ජිවිතයක් බිලිගත් අලියා එතැන් පටන් ගම්මානය තුළ රැඳීසිටිමින් තවත් කිහිප දෙනෙකුටම පහරදී ඇතැයිද නිවාස ගණනාවක් කඩා බිඳ දැමූ බවද කීහ.
අද(03) අලුයමද ඒ අලියා කාන්තාවකට පහරදී තුවාල සිදුකර නිවෙසක්ද කඩා දමා තිබෙන බව පැවැසූ උද්ඝෝෂණයේ නිරත ජනයා අලි හිරිහැර ඉවසා ගැනීමට බැරිම තැන මෙසේ මහඟට බැස විරෝධය දැක්විමට තීරණය කල බවද කියා සිටියහ.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බුදුරුව යාය වැසියෝ අලි කරදරයට විසඳුම් ඉල්ලා පාරට බසිති