(විජේරත්න රත්නායක)
2018 වසරට සාපේක්ෂව මේ වසරේදී බදුල්ලේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පසුගිය වසර තුළ බදුල්ල පළාත් මහ රෝහලෙන් පමණක් ප්‍රතිකාර ලබාගත් ඩෙංගු රෝගීන් ප්‍රමාණය 325 දෙනෙකු වන අතර මෙම 2019 වසරේ මුල් මාස 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 649 දෙනෙකු එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම මාසයේ මුල් සතිය වන විට බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 88 දෙනෙකු වාර්තාවී ඇති බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිළි වන බවද පැවසූ ඒ මහතා, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අවට ප්‍රදේශය, හිඳගොඩ සහ හිඟුරුගමුව යන ප්‍රදේශයන්ගෙන් වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වී ඇති බවද සමස්ථයක් ලෙස බදුල්ල නාගරික බල ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව මෙම රෝගය ව්‍යාප්තවී ඇති බවද පෙන්වා දුන්නේය.
මෙම තත්වය මත බදුල්ල පළාත් මහ රෝහලේ ළමා රෝග හා කායික රෝග වාට්ටුවලඉඩකඩ පවා ප්‍රමාණවත් නොවූ බවද රෝහලේ සේවය කරන ඇතැම් වෛද්‍යවරුන්, හෙදියන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිස් පවා එම රෝගයට ගොදුරු වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එසේම මේ දිනවල ඩෙංගු මෙන්ම වෛරස් උණ රෝගයක්ද පවතින අතර මේ රෝග නිවැරදිව හඳුනාගත යුතු බවත් දින තුනකට වඩා උණ පවතීනම් වහාම ළඟම ඇති රජයේ රෝහලට යන ලෙසත් ජනතාවට අවවාද කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, වෛද්‍යවරුන් ලබාදෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් ඇතැමුන් තුළ වැරදි මතයක් පවතින බවද පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ලේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්