(චන්ද්‍රසේන ගමගේ)
කතරගම දෙටුගම දී ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලෙකුට මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (02) සවස අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් අගොස්තු මස 16 දින රාත්‍රීයේදී ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලාගේ නිවසේදී මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය කියයි.
විශ්‍රාමික හමුදා සෙබලාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ප්‍රදේශයේදීය.
පොලිස් අත්අඩංගුවට පත් වූවන් වයස අවරුදු 23ත් 30ත් අතර පසු වන අය බවත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හමුදා වෙන් පලාගිය සෙබලෙකුද සිටින බවත් අත් අඩංගුවට පත් සැකකරුවන් කතරගම හා හම්බෙගමුව ප්‍රදේශවල පදංචිකරුවන් බවත් පොලිසිය කීය.
සැකකරුවන් හෙට (03) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආබාධිත හමුදා සෙබලෙකු ඝාතනය කළ 3 ක් අත් අඩංගුවට