(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කිර්තිරත්න)
මාතලේ මහ නගර සභා සේවකයෝ අද (03) මාතලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
කිසියම් පිරිසක් විසින් මාතලේ මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකුට හා තවත් පුද්ගලයින් තිදෙනෙකුට පහරදී ඔවුන්තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළද සැකකරුවන් අත්අඩංගුවට නොගැනිමට එරෙහිව මෙම විරෝධව පැවැත්විණි.
ඊයේ (02) පස්වරුවේ නගර සභා නිළධාරීන් පිරිසක් සමග මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනය අසල රැදි සිටි පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිගයාමෙන් ඇතිවු ගැටුමකින් නගර සභා රියදුරන් දෙදෙනෙකු හා එම සෙවකයින් දෙදෙනාගේ පුතුන් දෙදෙනාහා තවත් පුද්ගලයෙකු පහර කැමට ලක්ව තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම සිද්ධිය පිළිබද විදිමත් පරික්ෂණයක් සිදු කර නගර සභා නිළධාරීන්ට පහරදුන් බවට පැමිණිළි කර ඇති සැකකරුවන් අත්අඩංගුවට ගන්නාතුරු මෙම විරෝධතාව පවත්වන බව විරෝධතා කරුවෝ සඳහන් කළහ.
මෙම විරෝධතාව හේතුවෙන් පැයක පමණ කාලයක් මහනුවර යාපනේ ඒ9 මාර්ගය වාහන තදබදයක්ද පැවැතිණි.

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතලේ නගර සභා සේවකයෝ උද්ඝෝෂණයක