(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි කඩකරමින්, කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලා ලක්ෂ 20ක් පමණ වටිනා පොකිරිස්සන් රැසක් සමඟ සැකකරුවකු අද(03) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශ අංශය කියයි.
මෙම ස්ථානය කටු පොකිරිස්සන් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් විදේශ රටවලට කටු පොකිරිස්සන් අපනයන කරන කරනු ලබන ස්ථානයක් ලෙසත් පවත්වාගෙන ගොස් ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
2000 කටු පොකිරිස්සන් සම්බන්ධ නියෝග මාලාව කඩකරමින් නීතිවිරෝධී ආකාරයෙන් ටැංකි තුළ පොකිරිස්සන් රඳවා ගැනීමේ චෝදනාව මත හිමිකරු අත්අඩංගුවට ගත් බව නිලධාරීහු කියති.
අත්අඩංගුවට ගත් කුඩා කටු පොකිරිස්සන් තොගය මුදා හැරීම සඳහා කොළඹ අංක 5 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි. ඩී. ආර්.නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව විමර්ශන නිලධාරීහු පැවසූහ.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීතිවිරෝධීව කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලයි