IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි

(සිරංගිකා ලොකුකරවිට)

බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද (03) පැවති විශේෂ  ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය.
 
අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබිණි. මන්ත්‍රීවරු හයදෙනෛක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
 
ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබීය.
 
අයවැය යෝජනාවට පක්ෂව  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනා සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ.

අයවැය යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ. විපක්ෂ නායක හුසේන් කියාස්  මහතා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු හය දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද  11කින් සභා සම්මත විය.

අද (03) පැවති ප්‍රාදේශිය සභා රැස්වීමේ අයවැය සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර මෙම සභාව නීත්‍යානුකූල නොවන බවට රීති ප්‍රශ්නයක් මතු කරමින් අයවැය යෝජනා සාකච්ඡාවට ගැනීමට පෙර හෙතෙම සභාවෙන් පිටවී ගියේය.

ප්‍රාදේශිය සභා රැස්වීම කලේගාන ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 



අදහස් (0)

බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site