(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තම සහය ලබා දෙන බව මාතලේ මහ නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහ නගර සභාවේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මෙසේ පැවසීය.
බහුතර ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණා.වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන තිබුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට යුද හමුදාව ප්‍රමුඛ ඒ සියලු දෙනාට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.
කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළා.නාගරික සංවර්ධන අධීකාරිය මගින් ඒ දේවල් සිදු කළා.වර්තමානයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජයක් ලෙස ගෙන යන වැඩපිළෙවලට අපේ උපරිම සහය ලබා දෙනවා.
ජනාධිපතිවරණයෙන් පස්සේ මාතලේ නගරයේ තුළ යම් භිෂණකාරි තත්වයක් ඇති වෙලා තිබෙනවා.මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ඇති බවට මා විශ්වාස කරනවා.මාතලේ නගරයේ මේ වන විට බස් නැවතුම්පොලවලින් නැවත අයථා විසිහට මුදල් එකතු කිරිමේ කටයුතු සිදු වෙනවා.
නගරාධිපතිධූරයට පත් වුවාට පසුව මම මේ සියල්ල නවත්වලා තිබුණේ.අපි ක්‍රමවත් ලෙස මාර්ග තදබදය අවම කිරීම සඳහා වැඩකටයුතු සිදු කළා.නමුත් වාහන නැවතිමේ තහනම් ස්ථානවල මේ වන විට වාහන නවත්වා තියනවා.විශේෂයෙන් ධර්මපාල මාවත වැනි විථිවල මේ තත්වය තියනවා.
නගරයක් ලෙස සංවර්ධන කටයුතු සිදු කරගෙන යන විට විවිධ අය කකුලෙන් අදිනවා.මේ පිළිබඳව මා අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැන්වුවා.
නගර සභා සේවකයින්ට මේ වන විට ඇතැම් මැර කණ්ඩායම් විසින් පහරදිමට පටන්ගෙන තියනවා.විශේෂයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කළ සේවකයින් වෙත පහරකෑමට ලක්ව තියෙනවා.පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.රටේ සියලු දෙනාට එක නීතියක් බවට පත් කළ යුතුයි.
පසුගියදා මා හට මරණීය තර්ජන එල්ල කළා පිරික් විසින් ප්‍රසිද්ධියේ.මේ පිළිබඳව මා පොලිසියට පැමිණිලි සිදු කළා.නමුත් තාම පරීක්ෂණ පැවැත්වෙන්නේ මන්දගාමී ලෙසයි.
අපි සාමකාමී ලෙස මේ නගරයේ මැතිවරණ කටයුතු පැවැත්වුවා.නමුත් මැතිවරණයෙන් පස්සේ නගරය තුළ යම් භීෂණකාරී තත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවද අලුවිහාරේ මහතා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඩල්ජිත් අලුවිහාරේගේ සහය ගෝඨාභයට