(පද්මා කුමාරී කංකානම්ගේ)
නීති විරෝධී අයුරින් කල්පිටි මුහුදේ මසුන් ඇල්ලූ පුද්ගලයින් නව දෙනෙකු සහ ධීවර යාත්‍රා තුනක් අද (03) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවටගත් පුද්ගලයින් සහ ධීවර යාත්‍රා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලය වෙත භාරදුන් බවද එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුවන් සමඟ කිමිදුම් කට්ටල , මත්ස්‍ය කිලෝ 80 ක් සහ මුහුදු කූඩැල්ලන් 106 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියම්තය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd