(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර රොබෝටික්ස් තරඟාවලියේ දී ලොව අනෙකුත් නව නිර්මාණ පරාජය කරමින් පළමු ස්ථානය දිනාගත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම අද (3) විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගොස් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය.
සුප‍්‍රකට ළමා චිත‍්‍රපට කතා මාලාවක් වන ‘හැරී පෝටර්’ වෙනුවෙන් මෙම ශිෂ්‍ය කණ්ඩායම විසින් නිපදවූ හැරී පෝටර් පැළද සිටින මැජික් තොප්පියට මෙම ජයග‍්‍රහණය හිමිවූ අතර එම ජයග‍්‍රාහී ශිෂ්‍ය කණ්ඩායම අමාත්‍යවරයාගේ විශේෂ ආරාධනාවක් පරිදි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණියහ.
මෙම අවස්ථාවට පැමිණ සිටි සියලූම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් සහ ලේඛකාධිකාරීවරුන් ඉදිරියේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ නිර්මාණය හදුන්වා දෙන ලදී.
එම කණ්ඩායමේ නියෝජිතයන් වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ, පරිගණක අධ්‍යයනාංශයේ ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා, අදීෂ ගම්මන්පිල, අචල විජේසිංහ, තෙහානි වන්නිආරච්චි, විරාජි අමරජීව, දුවිනි ජයසිංහ යන මෙලෙස පැමිණ අමාත්‍යවරයා හමුවූහ.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැරී පෝටර්ගේ තොප්පිය නිර්මාණය කළ කණ්ඩායම උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි