(විනීතා එම් ගමගේ)
විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන ලියාපදිංචි වීමේ ගාස්තු හා ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු අඩුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
නව රජයේ ආර්ථික ප‍්‍රථිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු අඩුකිරිම හේතුවෙන් මෙසේ ගාස්තු අඩුවී ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලාධාරියෙක් පැවසීය.
මේ අනුව මෙතෙක් රුපියල් 17,837 ක් ව පැවැති ලියාපදිංචි ගාස්තුව රුපියල් 16,416 ක් දක්වා අඩුවන බවත් ලියාපංදිචිය අලූත් කිරීමේ ගාස්තුව රුපියල් 3755 සිට 3456ක් දක්වා අඩුවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම නව මිල ගණන් ඉකුත් 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර අඩුවීමක් නැහැ.