IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 9 කින් පරාජය වෙයි

(චමිල් රූපසිංහ)

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද නවයකින් අද (05) පරාජයය පත්විය.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

2020 වර්ෂය සඳහා වූ මුදල් ප්‍රකාශය එහි සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඉන් පසුව පැවැති අයවැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ නායක යු.ජි විජේකොන් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ අය වැය පිළිගත නොහැකි බව පැවැසීම හේතුවෙන් විවෘත ඡන්දයකට යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පැවැසූහ.

විවෘත ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් ද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ ඡන්දය සමඟ 23දෙනෙක් විපක්ෂව  ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 14 ක් හා විපක්ෂව ඡන්ද 23 ක් ලැබුණු බැවින් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය පරාජය විය.

අයවැය දෙවන වර කියවීම මෙම මස 17 වැනිදා පැවැත්වෙන බව සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 9 කින් පරාජය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site