IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ලේ පවුල් 499 ක පිරිස් අවතැන් කඳවුරු 9ක

(පාලිත ආරියවංශ සහ සමන් පාලිත)

පවතින වැසි සමඟ ඇතිවු ආපදා තත්වයන්  මත සහ  ආපදා අවදානම් තත්වයන් මත සිය නිවාස වලින් ඉවත් කළ පවුල් 449 කට අයත් පුද්ගලයන් 1945 දෙනෙක්  අවතැන් කදවුරු 9 ක නතර කර ඇතැයි ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතා පැවසීය.
 
ලුණුගල කඳවුරු 2ක්, බදුල්ල 1ක්, ඌව පරණගම 2ක්, පස්සර 1 ක් හාලඇලි 3ක් ලෙස මෙම කදවුරු ස්ථාපති කර තිබේ. නායයාම් පස්හා ගල් කඩාවැටීම් හා ගස් කඩාවැටීමනිසා දිස්ත්‍රික්කයේ නිවාස 298 කට හානි සිදුව ඇති බවද සදහන් කළේය.
 
ඒ අතර පූර්ණ හානි සිදුවූ නිවාස ගණන 6 කි. ඒවා ඌවපරණගම නිවාස 2, වැලිමඩ  නිවාස 1, හල්දුම්මුල්ල  නිවාස 2, රිදීමාලියද්ද  නිවාස 1 ලෙස එම නිවාස වාර්තාවී තිබේ.
 
 අනෙක් නිවාසවල ට අර්ධ හානි සිදුව ඇතැයිද  උදය කුමාර මහතා පැවසීය.
 
පස් හා ගල් කඩාවැටීමේ අවධානම ඇල්ල-වැල්ලවාය සහ බදුල්ල - පස්සර මාර්ගවල පවතින බවද අවධාරණය කළේය. ආරක්ෂිත පියවරක් ලෙස බදුල්ල-පස්සර මාර්ගය සවස 6-00 සිට වසා තැබීමටද තීරණය කර තිබේ.
 



අදහස් (0)

බදුල්ලේ පවුල් 499 ක පිරිස් අවතැන් කඳවුරු 9ක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site