මහින්ද නිශ්ශංක
කල්ඉකුත් වූ තීන්ත අඩු මුදලකට මිලදී ගෙන නැවත අසුරා අලුත් තීන්ත ලෙස ලේබල් නොමැතිව වැඩි මිලට වෙළෙඳපොලට නිකුත් කිරිමේ මහා පරිමාණ ජාවාරමක් පාරිභෝගික අධිකාරිය මගින් අනාවරණය කරගනු ලැබීය.
මාතර සිට කොළොන්නාවට කන්ටේනරයකින් ප්‍රවාහන කරමින් කල් ඉකුත් ලේබල් නොමැති ලීටරය ප්‍රමාණයේ තීන්ත ටින් 8000 ක් පාරිභෝගික අධිකාරියේ කොළඹ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් මෙම ජාවාරම හෙළිවී තිබේ.
මෙයට අමතරව අයිඩීඑච් ප්‍රදේශයේ ගබඩාවක තිබී කල් ඉකුත් වූ තීන්ත ඇසුරුම් විශාල තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd