IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යාං ඔය පිටාර ගැලීමෙන් කහටගස්දිගිලියේ 4352ක් පීඩාවට

(දයාරත්න ඇඹෝගම)
 
යාං ඔය පිටාරා ගැලීමෙන් කහටගස්දිගිලිය නිසා අද(05) ගම්මාන 20 ක පවුල් 4352ක් පීඩාවට පත්වී ඇතැයි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා සඳහන් කළේය.
 
අධික ජල ගැල්මෙන් කුඹුරැ අක්කර 1500 කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී  ඇති අතර,කෝන්වැව, දෙමටවැව මාර්ග ජලයෙන් යටවී ඇත.
 
මෙම ගම්මානවල ජනතාවට යාමට ඒමට නොහැකි තත්වයක් උද්ගතව තිබූ බැවින් ගම්වාසීන්ගේ ගමනාගමනය සඳහා නාවික හමුදාව බෝට්ටු සහ ට්‍රැක්ටර් යොදවා තිබේ.
 
ප්‍රදේශයේ වැව් තුනකට හා නිවාස දෙකකටද හානි සිදුව ඇත.
 
ගමනාගමනයට අපහසුව ඇති නිසා මෙම ගම්මානවල පිහිටා ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර හෙට(06) බෝට්ටු මගින් යැවීමට කටයුතු කරන බවද ප්‍රාදේශිය ලේකම් සුදර්ශන සිල්වා මහතා පැවසීය.
 
කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්වය නිරීක්ෂණය කිරීම සහා අද(05) උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාර ධුරයේ වැඩ භාරගත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම ප්‍රදේශයේ චාරිකාවක නිරතවිය.
 
විපතට පත්වුවන් සඳහා අවශ්‍ය කඩිනම් සහන ලබාදීමට ක්‍රියාකරන ලෙස ආණ්ඩුකාරවරයා කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.



අදහස් (0)

යාං ඔය පිටාර ගැලීමෙන් කහටගස්දිගිලියේ 4352ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site