(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6 ක් අද (03) විවෘත කර තිබෙන බව රාජාංගණය ජලාශය භාර වාරි මාර්ග ඉංජිනේරු ලසික හේමාල් මහතා පැවසීය.
ඒ අනුව තත්පරයට ගණ අඩි 6312 ක ජල ධාරිතාවයක් රාජාංගණය ජලාශයෙන් මුදාහරිනු ලබයි.
කලා ඔය සහ අනෙකුත් ජල පෝෂක ප්‍රදේශ වල සිට රාජාංගණය ජලාශයට තත්පරයට ගණ අඩි 6000 ක පමණ ජල ධාරිතාවයක් ලැබෙමින් පවතියි.
ජලාශයේ දොරවල් දෙකක් අඩි 6 බැගින්ද තවත් දොරවල් දෙකක් අඩි 4 බැගින්ද ඉතිරි දොරවල් දෙක අඩි දෙක බැගින්ද එසවීමට කටයුතු කළ බව වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කරයි