IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බදුල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 11ක් නායයාමේ අවදානමක

(සමන් පාලිත  නානායක්කාර)
 
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල,  ඇල්ල,  හාලි-ඇල, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, සොරණාතොට, ඌව පරණගම, වැලිමඩ, යන   ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබූ නායයාමේ අවදානමේ දෙවන අදියරේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
 
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ  අවදානමක් ඇති ලෙස පූර්වයෙන් හඳුනාගෙන ඇති  ප්‍රදේශවල පදිංචිකරුවන් දැනුවත්ව විමසිල්ලෙන් සිට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව යාමට සූදානමින් සිටින ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 
 
නායයාම්  පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් කාලසීමාව තුළ  පොළොවේ ඉරි  තැලීම්, ගැඹුරට  හෑරුණු  පැළුම් ගොඩනැගිලි බිත්තිවල සිදුවන පිපුරුම්  ජලය උල්පත් මතුවීම, ක්‍රමයෙන් ගස් ඇලවීම  වැනි පරිසරයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව සැලකිල්ල  දක්වා  වහාම ඉවත් විය යුතු බවත් ජනතාවගේ, දුවා දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන්ගේ උපදෙස්  ඒ ආකාරයෙන්ම පිළිපදින  ලෙසත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි .



අදහස් (0)

බදුල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 11ක් නායයාමේ අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site