IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුරේ වැසියන් 200කට ආසන්න පිරිසක් විපතට

(රොමේෂ් මධුෂංඛ)
 
ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පළාතේ 2,000කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරන ඒකකය පවසයි.
 
සාමාන්‍ය වැසියන් වැඩිම ප්‍රමාණයක් විපතට පත්ව ඇත්තේ මාන්නාරම් දිස්ත්‍රික්කයේ වන අතර මන්නාරමේ නානාට්ටාන්, මූසලී හා මඩු ප්‍රදේශයෙන් පවුල් 247 කට අයත් පුද්ගලයින් 779දෙනෙකු විපතට පත්ව ඇති බව මන්නාරම් ආපදා කළමනාකරන ඒකකය කියයි.
 
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙයි, කට්ටෙයිකාඩු, පරන්තන්,පිරමන්තනාරු, ආදා ප්‍රදේශයන්හි වැසියන් 200කට අධික ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවටත් නිවාස හෝ වෙනත් හානි වාර්තා වී නොමැති බවත් එම ඒකකය ස ඳහන් කරයි.
 
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේද පුන්කුඩතිව්, මරදන්කේනි, ස්නදිලිපායි, නෙඩුන්තීවු ආදි ප්‍රදේශයන්ට පසුගිය දින තුනක කාලයක් පුරා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් වැසින් 100කට ආසන්න පිරිසක් ආපදාවට ලක්ව සිටින අතර නිවාස 15 කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති බවටද වාර්තා වෙයි.
 
මුලතිව් දිස්ත්‍රික්කයේද නනිද්කඩාල් කලපුව අවට හා මුල්ලියාවලෙයි , පුදුකුඩිඉරිප්පු ආදි ප්‍රදේශයන්හි වැසියන් 1000කට ආසන්න ප්‍රමාණයක් ආපාදවනට ලක්වී ඇති බවටද වාර්ථා වන අතර විපතට පත් සියලුම වැසියන් වෙනුවෙන් පැය 24 පුරාම අඛණ්ඩ සහන සැලසීමට පියවර ගෙන ඇති බවටද උතුරේ දිසාපතිවරුන් හා ආපදා කළමනාකරන ඒකක වැඩිදුරටත් පවසා සිටියි.


 



අදහස් (0)

උතුරේ වැසියන් 200කට ආසන්න පිරිසක් විපතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site