(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,නෙලුම්කුලම,ගල්කුලම මාර්ගයේ දෙකේ කණුව ආසන්නයේ ත්‍රීරෝද රථයක පිටුපස අසුන මත තිබුණු 24 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (4) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ අංක 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරක් මත මළ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මෙසේ මිය ගොස් ඇත්තේ කැකිරාව,හිනුක්කිරියාය,ගනේවල්පොල යන ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ සුභාෂ් සංජිව (24) නැමති පුද්ගලයකු බවට පොලිසිය විසින් හඳුනා ගෙන ඇත.
ඔහුගේ පියා විසින් දේහය පරික්ෂා කර තම පුතාගේ බවට තහවුරු කළ බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රේම සබඳතාවයක් මුල්කර ගෙන මෙම පුද්ගලයා වස පානය කර මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිරෝද රථයක තිබී මළ සිරුරක් හමුවෙයි