(සමන් පාලිත නානායක්කාර)
නාය යාමේ අවදානම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ කඳවුරු කිහිපයක සිටි පුද්ගලයින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත විසුරුවා හැරිය ද වැසි වැඩි වී නායයාම් සක්‍රීය වන්නේ නම් අවධානයෙන් සිට නැවත කඳවුරු ගත විය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
මේ වන විට දිස්ත්‍රික්කයේ පවතින තද වැසි තත්ත්වය නාය යාම් සඳහා බලපෑ හැකි බැවින් නායයාමේ අවදානම් කලාපවල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 69 ක පුද්ගලයින් 250 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාවල රඳවා තිබේ.
කඳු බෑවුම්වල ජීවත්වන්නන් අවධානයෙන් සිටිය යුතු බවත් කඳුකර මාර්ගය භාවිතා කරන රියදුරන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. එල්. උදයකුමාර මහතා රියදුරන්ට දන්වයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඳවුරු විසුරුවා හැරිය ද විමසිලිමත්වන්නැයි උපදෙස්