IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සේවා කාලය දීර්ඝ කෙරේ

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය  තීරණය කර ඇත.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්  කීවේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කන්නංගර මහතාගේ  ක්‍රියාකලාපය විවේචනය කරමින් පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙක් ඔහු ඉන් ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දැරූහ.

ඔහුගේ සේවා කාලය ඉකුත් නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ නමුත් මැතිවරණ කටයුතු නිමවනතෙක් ඔහුට රාජකාරී කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය හිමිව තිබුණි.

 



අදහස් (0)

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සේවා කාලය දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site