IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වල්ලාපට්ටා කිලෝ 5 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(එස්.ඩි.කොඩිකාර)

වල්ලාපට්ටා කිලෝ 5 යි ග්‍රෑම් 400 ක් ත්‍රීරෝද රථයකින්  ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ඒවා කැපීමට යොදා ගත් කියත් දෙකක් සමඟ අද (04) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 24 ත් 27 ත් 34 ත් වයස් කාණ්ඩවල පසුවන කළුබෝවිටියන , අඹේවෙල ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

සැකකරුවන් අකුරැස්ස, විල්පිට රක්ෂිතයේ නවාතැන් ගෙන මෙම වල්ලාපට්ටා කපා ඉතා සූක්ෂමව බෑග් දෙකක සඟවා ත්‍රීරෝද රථයේ පිටුපස සඟවා රැගෙන එමින් තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.

ත්‍රීරෝද රථය මොරවක පොලිස්ථානය මගහැර අතු ඇළ ප්‍රදේශයේ මාර්ගයකින් තලපෙ කුඹුර හරහා ගමන් කරන අතරතුර පොලිසියට ලද තොරතුරක් මත තලපෙ  කුඹුර ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා ත්‍රීරෝද රථය  සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

වල්ලාපට්ටා කිලෝ 5 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site