(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟෙන් පොල්ගොල්ල ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් අද( 04 ) උදේ වරුවේ සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් මීටර් භාගය බැගින් විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර කාරය භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.
පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන් කළේ මීටර් භාගය බැගින් විවෘත කර ඇති වාන් දොරටු දෙකෙන් වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ මීටර් 40 ක ජල ධාරිතාවයක් මුදා හරින බවයි.
මෙයට අමතරව පොල්ගොල්ල හැරවුම් වේල්ල හරහා උකුවෙල බෝවතැන්න ජලාශය වෙත තත්පරයකට ඝණ මීටර් 28 ජල ධාරිතාවයක්ද මුදා හරින බව කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd