(කේ. බුද්ධික කුමාරසිරි)
රාජ්‍ය සහ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට ව්‍යාජ රන් බිස්කට් උකස් කර රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වංචා කළ බව කියන සංවිධානාත්මක කල්ලියක ප‍්‍රධාන සැකකරු ව්‍යාජ රන් බිස්කට් 5 ක්ද සමඟ කඩුවෙල රාජ්‍ය බැංකුවක් අසළදී අද (04) සැකපිට අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 48 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
කඩුවෙල නගරයේ එක් රාජ්‍ය බැංකුවටකට රන් බිස්කට් උකස් තැබීම සඳහා සැකකරු පැමිණ තිබෙන බවට නවගමුව පොලිසිය ලද තොරතුරකට ඔහු මෝටර් රථයකින් යමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඉතා සූක්ෂම අයුරින් රන් කැබැලි යටින් යකඩ කැබැලි සිටින සේ සකස් කර තිබූ මෙම එක් රන් බිස්කට්ටුවක් ග‍්‍රෑම් 12.5 පමණ බරකින් යුතු බවත්, සැකකරු මෙම එක් රන් කැබැල්ලක් රුපියල් 60,000ක් පමණ වන සේ උකස් තබා ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු සතුව තිබී රන් කැබැලි උකස් කල රිසිට් පත‍්‍ර 16 ක් හමු වී ඇති අතර ඒවා පොළොන්නරුව, සෙවනපිටිය, අරලගංවිල, සූරියවැව, පන්නිපිටිය, කොට්ටාව, වේයන්ගොඩ, මාලබේ ආදී ප‍්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට අයත් වන බවද පොලිසිය කියයි.
මෙම ව්‍යාජ රන් කැබැලි අලෙවියට අමතරව සැකකරු සැකසූ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 5 ක්, ව්‍යාජ රියදුරු බලපත් 02 ක්, ලැප්ටොප් පරිගණකයක්, දුරකථන 2 ක් ද සොයා ගැනීමට හැකි වී ඇත.
මීගොඩ දහම් මාවත ප‍්‍රදේශයේ පිහිටි සිය සහෝදරියකගේ නිවසේ කාමරයක නැවතී සිටිමින් මෙම කටයුතු කර ඇති අතර සැකකරුගේ මව ද යොදා ගනිමින් රුපියල් ලක්ෂ 11 පමණ වන ව්‍යාජ රන් කැබැලි උකස් කර ඇති බවත් පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් එම සංවිධානාත්මක කල්ලියේ ප‍්‍රධාන සැකකරු මෙයට වසර ගණනාවකට පෙර ගොඩනැලිගි ද්‍රව්‍ය වෙළඳසලක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන ගිය අයෙකු බවත්, එම ආයතන පාඩු ලැබීම හේතුවෙන් සැකකරු මෙම ව්‍යාජ රන් කැබැලි උකස් කිරීමට පෙළඹී ඇති බවත් සැකකරු පාපොච්චාරණය කළ බව ද පොලිසිය පවසයි.
සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රදවා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාජ රන් බිස්කට් උකස් කර මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට