(ඩී.කේ.රත්න)
මොනරාගල ඇතිමලේ බෝකොටුව උඩිස්අප්පුආර ප‍්‍රදේශයේ ගල් තලාවක් අසළ නිධන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් අය කටුවන උරුබොක්ක , කුඩලිගම නාපේ සහ ඇතිමලේ පහේ කනුව ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් සතුව තිබී නිධන් හෑරීමට උපයෝගී කරගත් උදලු, අලවංගු සහ මැටි පහන් කීපයක්ද පොලීසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් සියබලාණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සියබලාණ්ඩුව පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd