(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (2) වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි.
වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ නිදා සිටි ගවයකුගේ ගැටීමෙන් පසුව විසි වී ගොස් යාපනය සිට වවුනියාව දෙසට ගමන්ගත් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් වත්තල ප්‍රදේශයේ ස්ථිර පදිංචි 21 හැවිරිදි කිරුබාකරන් දුෂ්‍යන්තන් නමැති පුද්ගලයකු මියගොස් ඇතැයි කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි රංජන් කුමාර් නැමති 41 හැවිරිදි පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇත.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරුපැදි-බස් අනතුරින් අයෙක් මරුට