(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු කිලිනොච්චිය උරුතිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ දී විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
අම්පාරේ සිට අධ්‍යාපනය හැදෑරීම සදහා කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයට පැමිණ සිටි විග්නරාසා සාරංගන් නැමති 22 හැවිරිදි මෙම සිසුවා මිය ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදී අක්‍රීය වූ විදුලි මෝටරයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවකදීය.
සිසුවා නැවතී සිටි නේවාසිකාගරයට ජලය සැපයෙන විදුලි මෝටරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිසුවාට විදුලි සැර වැදී ඇති අතර එම අවස්ථාවේදීම ඔහුව කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති.
සිසුවාගේ මෘත ශරීරය පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව පවුලේ ඥාතීන් වෙතට බාරදීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදු කරන කිළිනොච්චිය පොලීසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදී සරසවි සිසුවෙක් මරුට